එහි සඳහන්ව ඇත්තේ, එම බුද්ධ අනුරුව 2014 වසරේ වාර්ෂික වෙසක් සහ පොසොන් කලාපවල ප්රදර්ශනය කිරීම සඳහා බටපතුරු සහ කඩදාසි පල්පවලින් තනන ලද අනුරුවක් බවය.
වසර ගණනාවක් වෙසක් කලාපවල ප්රදර්ශනය කිරීමෙන් පසු තවදුරටත් ප්රදර්ශනයට නුසුදුසු තත්ත්වයට පත්වී ඇතැයි ද යුද හමුදාව සඳහන් කරයි.
ඒ අනුව කුරුවිට ගැමුණු හේවා මූලස්ථාන බලඇණි කඳවුරේ තිබූ එම බුද්ධ අනුරුව කුරුවිට කාහේන්ගම ශ්රී බෝධි මාලකාරාම විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්රපති පණ්ඩිත ගරුතර දොඹවල සිරි විජේඥාන නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා ලබාගෙන නිසි ආගමික වත්පිළිවෙත් සිදුකර දෙසැම්බර් මස 16 වන දින අනුරුව ඉවත්කළ බව යුද හමුදාව නිවේදනය කරයි.