1996 අංක 02 දරණ ධිවර පනත ක්‍රියාවට නැංවීමේදී නිළධාරීන්ට ඇති වී තිබෙන ගැටළුකාරී තත්වය නිරාකරණය කිරීමට අවශ්‍ය සංශෝධනයන් හා නීතිවිරෝධි ධිවර කටයුතුවල නියැලෙන පුද්ගලයන්ට එරෙහිව ගන්නා වු නීතිමය ක්‍රියා මාර්ගයන් ඇතුළත් කරමින් මෙම පනත සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කරන ලදී.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලද්දේ නීතිවිරෝධී ධීවර කටයුතු සම්බන්ධයෙන් නීති පනවා කැබිනට් මණ්ඩලය වෙත 2019 ජුලි මස 07 වන දින ඉදිරිපත් කරන ලද සංශෝධන පනතට අනුමැතිය ලබා දී තිබුණ ද එහි ගැටළුකාරී තත්වයක් ඇති බවත්ය.
එබැවින් මෙම පනත සංශෝධනය කීීීීරීමට කටයුතු කරන බවත් ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබුණ අතර, ධීවර පනත සංශෝධනය කර නැවත සකස් කිරීමට නීති විශාරදයන්ට මේ වන විටත් අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බව ද සඳහන්.