කොවිඩ්-19; පූර්ණ සුවය ලැබූවන් 32,051 දක්වා ඉහළට (වීඩියෝ)

දෙසැ 27, 2020
  • කොවිඩ්-19 රෝගයෙන් පූර්ණ සුවය ලැබූ පිරිස 32,051 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    සුවය ලැබූ තවත් 712ක් රෝහල්වලින් ඊයේ පිටව ගියේය. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටිත තවත් 21ක් සුවය ලබා අද පිටව ගියේය. ඔවුන් කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්.

    කොවිඩ්-19 රෝගය වැළඳී පූර්ණ සුවය ලැබූ පිරිසේ ප්‍රතිශතය 79.38 දක්වා ඉහළ ගොස් තිබේ. 32,051ක් ඊට අයත්. 20.16%කට අදාළ පිරිසක් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින අතර, 8,142ක් ඒ අතර වේ.

    මිනුවන්ගොඩ සහ පෑලිය‍ගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිත රෝගීන්ගේ සංඛ්‍යාව 36,670 ක් බවට පත්ව තිබේ. දිවුලපිටිය කර්මාන්ත ශාලාව ආශ්‍රිතව රෝගීන් 3,059ක් හඳුනාගනු ලැබීය. ඔවුන් සියලු දෙනාම මේ වනවිට සුවය ලබා සිටී. අනෙක් රෝගීන් 33,611 දෙනා වාර්තා වූයේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආශ්‍රිතවයි.

    රෝගය වැළඳුනු එම පිරිසෙන් 28,643ක් සුවය ලබා සිටී. තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින්නේ, 8142ක් පමණි. මෙරටින් කොවිඩ්-19 රෝගය වැළඳුණු තවත් 598ක් ඊයේ හඳුනා ගනු ලැබීය. ඉන් 541ක් පෑලිය‍ගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තා වූ රෝගීන්ගේ සමීපතමයින්. 52ක් බන්ධනාගාර කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තා වූ රෝගීන්. අනෙක් පුද්ගලයන් පස් දෙනා විදේශයන්හි සිට පැමිණි අයයි. ඊයේ හඳුනා ගැනුණු රෝගීන්ගෙන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ, කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවලින්.

    Last modified on ඉරිදා, 27 දෙසැම්බර් 2020 21:49

    Latest News