අළුත්ගම මංගල උත්සවයේ කොරෝනා පොකුර 58 දක්වා ඉහළට

ජන 04, 2021

    අළුත්ගම නගරයේ උත්සව ශාලාවක ඉකුත් දෙසැම්බර් 16 වැනි දින පැවැති විවාහ මංගල උත්සවයකදී හටගත් කොරෝනා පොකුර ඊයේ (03) වන විට 58 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි.

    මංගල උත්සවයට සහභාගි වූ පයාගල පොතුවිල සහ හොරගස්කැලේ යන ගම්මානවල දෙපාර්ශ්වයේ ඥාතීන් මෙසේ ආසාදිතවී ඇති අතර, මනාලිය සහ උත්සව ශාලාවේ කාර්ය මණ්ඩල සාමාජිකයන් කීපදෙනෙක්ද ඊට ඇතුළත්වේ.

    මෙම කො​රෝනා පොකුරට අදාළව 150කට වැඩි පිරිසක් මේ වනවිට නිරෝධායනයට ලක්කර ඇත.

    Latest News