එතනෝල් ලීටර් 7500ක් යාපනයෙන්

ජන 24, 2019

    මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා එතනෝල් ලීටර් 7500ක් යාපනය චුන්නාකම් ප්‍රදේශයෙන් සොයා ගෙන තිබෙනවා.

    ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය අද කළ වැටලීමකදී. යාපනය චුන්නාකම්, ඒලාලෙයි ප්‍රදේශයේ නිවසක කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ.

    ලීටර් 20 කෑන් 371ක් එහි තිබී සොයාගනු ලැබුවා. ඒවා ප්‍රවාහනයට යොදාගත් වෑන් රථයක් ද පොලිස් බාරයට ගෙන තිබෙනවා. නිවසේ හිමිකරු සහ තවත් අයෙකු සැකපිට අත්අඩංගුවට ගැනුණා.

     

    Latest News