බෝර 12 තුවක්කු බදුරලියෙන් හමුවේ (වීඩියෝ)

ජන 25, 2019

    විදේශ රටවල නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවි හා එම උණ්ඩ සමඟ සැකකරුවන් දෙදෙනෙකු බදුරලියේදී අත්අඩංගුවට පත්වේ.

    ඊයේ (24) උදෑසන බදුරලිය පොලිස් වසමේ අත්වැල්තොට පාලම අසලදී බලපත්‍ර නොමැති බෝර 12 වර්ගයේ ගිනි අවි 05ක් හා ඒවාට යොදන පතොරම් 05ක් සොයා ගන්නා ලදී. ඒවා සන්තකයේ තබාගත් වයස අවු. 39 හා 27ක් වන සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට පත්විය. සැකකරුවන් කලවාන ප්‍රදේශයේ සිට මෙම ගිනිඅවි අලුත්වැඩියා කර දිවයිනේ විවිධ ප්‍රදේශවලට අලෙවි කර ඇති බව පොලීසිය පවසයි.

    සැකකරුවන් අද(25) දින මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර බදුරලිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Last modified on සිකුරාදා, 25 ජනවාරි 2019 09:49

    Latest News