නව පරිවෙණාචාර්ය පත්වීම් 213ක්

ජන 20, 2021

    නව පත්වීම්ලාභී පරිවෙණාචාර්ය හිමිවරු සහ ගිහි පරිවේණාචාර්ය වරුන්ට පත්වීම් ලිපි ප්‍රධානිය ඊයේ (19) සිදු කෙරුනා.

    ඒ අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී. පත්වීම් ප්‍රදානය කෙරුනේ දහම් පාසල් පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශය මගින්. මෙහිදී නව පත්වීම් ලාභී පරිවෙණාචාර්ය හිමිවරුන් සහ ගිහි පරිවෙනාචාර්යවරුන් 213 දෙනකුට පත්වීම් ප්‍රදානය කෙරුනා. උත්සවය පැවැත්වුණේ රාජ්‍ය අමාත්‍ය බේරුගොඩ මහතාගේ ප්‍රධානත්වයෙනි. පිරිවෙන් උපදේශයක පූජ්‍ය දොඩම්පහල රාහුල, පිරිවෙන් අධ්‍යක්ෂ පූජ්‍ය වටිනාපහ සෝමානන්ද යන ස්වාමින්වහන්සේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකමි එස්. එම්. හරිස්චන්ද්‍ර මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

    Latest News