කොළඹ වරායේ නැගෙනහිර ජැටිය පිළිබඳ අධ්‍යනයට අමාත්‍ය මණ්ඩල අනුකමිටුව හෙටත් රැස්වෙයි

ජන 24, 2021

    කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් වරාය වෘත්තිය සමිති ලබා දුන් යෝජනා පිළිබඳව අධ්‍යනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුව හෙට(25) රැස්වීමට නියමිතව තිබේ.

    අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ ප්‍රධානී වරාය අමාත්‍යංශයේ ලේකම් යූ.ඩී.සී. ජයලාල් මහතා සඳහන් කළේ, වෘත්තීය සමිති ඉදිරිපත් කරන යෝජනා මෙන්ම ජපානය සහ ඉන්දියාව සමග ඇති කරගත් අවබෝධතාවන්වල අන්තර්ගත යෝජනා කමිටුව මගින් පුළුල් ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩලයට ලබාදීම සඳහා සකස් කරන වාර්තාවට ඇතුළත් කරන බවයි.

    නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කර සම්මුතියකට එළැඹීම සඳහා පසුගියදා අමාත්‍ය මණ්ඩලය 07 දෙනෙකුගෙන් සමන්විත මෙම කමිටුව පත් කළේය.

    Last modified on ඉරිදා, 24 ජනවාරි 2021 12:58

    Latest News