ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව විනිවිද සහ අපක්ෂපාතී

ජන 25, 2019

    තනතුරු සඳහා තෝරාගැනීමේ දී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවේ සියලු සමාජිකයන්ගේ එකඟතාවයෙන් උපරිම විනිවිදභාවයකින් සිදු කරන බවත් අපක්ෂපාතීව කටයුතු කරන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ක්‍රියකාරකම්  පිළිබඳව පැහදිළි කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති, කතානායක කරූ ජයසූරිය මහතා අද (25) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

     

    එහිදී අඳහස් දැක්වූ කතානායකවරය මෙසේ ද පැවසී ය.

    19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාරව,පැවති පාර්ලිමේන්තු සභාව වෙනුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්ථාපිත කරන ලදී. එහි සංයුතිය ද පාර්ලිමේන්තුවේ අඳහස් නියෝජනය වන ආකාරයෙන් සමන්විත බව  මාගේ හැඟීමයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙසා තමන් විසින් ගත් සෑම තීරණයක් ම නීත්‍යාණුකූලව,විනිවිදව  මෙන් ම ස්වාධීනව හා අපක්ෂපාතීව ගත් තීරණ බවද කතානායකවරයා සඳහන් කළේ ය.

    මතභේදයට ලක් ව ඇති ඇතැම් තනතුරු සඳහා තැනැත්තන් පත් කිරීමට අතිගරු ජනාධිපතිතුමන් විසින් අප වෙත  එවන නම යෝජනා සළකා බැලීමේ දී ද සභාවේ සියලු සාමජිකයන්ගේ කැමැත්ත මත එම තීරණ ලබා දී ඇති බවද දන්වමි. උපරිමාධිකරණ විනිශ්චයකාරධූරයන්ට පත් කිරීම සඳහා තැනැත්තන් සළකා බැලීමේ දී නිර්ණායකයන් හි දක්වා  ඇති කරුණු,නිර්දේශිත තැනැත්තන්ගේ ජ්‍යේෂ්ඨත්වය පමණක් නොව, අග්‍රවිනිශ්චයකාරතුමන්ගේ නිර්දේශය සහ  ක්ෂේත්‍රය තුළ ඇති පිළිගැනීම ද සලකා බැලේ. මෙම ක්‍රමවේදනය මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ ද  ප්‍රශංසාවට ලක් වූ බව දැන්විය යුතුය. එමෙන් ම ශ්‍රී ලංකාවේ අධිකරණය වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පූර්ණ විශ්වාසය හා ගෞරව හිමිවන බව ද  කතානායකවරයා ප්‍රකාශ කළේ ය.

     
    Last modified on සිකුරාදා, 25 ජනවාරි 2019 20:39

    Latest News