කොල්ලුපිටිය වෙළෙඳපොළ සංවර්ධනය සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබේ (වීඩියෝ)

ජන 28, 2021
  • වසර 45ක් පැරණි කොල්ලුපිටිය වෙළෙඳපොළ සංවර්ධනය සඳහා අවබෝධතා ගිවිසුමකට අද අත්සන් තැබිණ.

    ඒ් නාගරික සංවර්ධන අධිකාරිය හා කොළඹ මහනගර සභාවයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව කොළඹ නගරයේ පැරණි වෙළෙඳපොළ සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබේ.

    ඒහි ආරම්භක ව්‍යාපෘතිය ලෙස කොල්ලුපිටිය වෙළෙඳපොළ සංවර්ධනය කෙරේ. ගිවිසුමට අනුව නව බහු මහල් වෙළෙඳ සංකීර්ණය මහල් 40කින් යුක්තව ඉදිකිරීමට නියමිතයි.

    වෙළෙඳසැල් 90කින් යුත් තෙමහල් වෙළෙඳපොළ වර්තමානයේ පවතින්නේ අබලන් තත්වයක. පළමු මහලේ මාළු අලෙවි සැල්වල අපිරිසිදු ජලය, කාන්දුවීමෙන් බිම් මහලේ රථගාලට හානි සිදුව තිබේ. සනීපාරක්ෂක පහසුකම් පවතින්නේ ද අවම මට්ටමකයි. කොල්ලුපිටිය නාගරික වෙළෙඳපොළ සංවර්ධනය කරන ලෙස වෙළෙඳසැල් හිමියන් ද විටින් විට රජයෙන් ඉල්ලීම් කර තිබිණ.

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, කොළඹ මහනගර සභාවේ පුරපති රෝසි සේනානායක මහත්මිය සහ නිලධාරින් කිහිප දෙනෙක් අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට අවස්ථාවට ඒක්ව සිටියහ.

    Last modified on බ්‍රහස්පතින්දා, 28 ජනවාරි 2021 22:10

    Latest News