යහපාලනයෙන් උපන් උත්තරදේවි හෙට සිට ගමනේ

ජන 26, 2019

    කොළඹ - යාපනය කන්කසන්තුරේ “උත්තර දේවි“ නව බලවේග කට්ටල දුම්රිය ජනතා අයිතියට පැවරීමේ සමාරම්භක චාරිකාව හෙට (27) උදෑසන කොළඹ දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්ඹ කෙරේ.

    එ අනුව “උත්තර දේවි“ බලවේග කට්ටල දුම්රිය උදෑසන හයට කොළඹ දුම්රිය ස්ථානයෙන් පිටත්ව යාපනය කන්කසන්තුරේ දක්වා ගමන් කරයි.

    උත්තර දේවි කොළඹ - යාපනය කන්කසන්තුරේ දක්වා ධාවන කරනුයේ උතුරු - දකුණු සංහිඳියාව සංකේතවත් කරමින් වීම විශේෂත්වයකි. ඒ අනුව මෙම සමාරම්භක චාරිකාවට සමගාමීව යාපනය දිස්ත්‍රික් පාසල් ළමුන් සඳහා පාසල් බෑග්, පොත්පත් ඇතුළුව පාසල් උපකරණ දකුණෙන් ගෙනයනු ලැබේ.

    උත්තරා දේවි දුම්රියට යොදවන නව බලවේග කට්ටය ඉන්දියාවෙන් ආනනය කෙරිණ. එහි මැදිරි සංඛ්‍යාව හයකි. වායු සමනය කළ පළමු පංතියේ මැදිරියක් මෙන්ම වායු සමනය කළ දෙවැනි පංතියේ මැදිරියක්ද ඊට අයත් වේ. පළමු පංතියේ මැදිරියේ ආසන 52ක් වන අතර දෙවැනි පංතියේ ආසන ගණන 64ක්. තුන්වැනි පංතියේ එක් මැදිරියක ආසන 152ක් වේ. ඒ අනුව මෙ දුම්රියෙන් එකවර ගමන් කළ හැකි මගීන් සංඛ්‍යාව 724 කි. මෙම දුම්රියේ ගමන් ගන්නා මගීන්හට ජී. පී. එස් තාක්ෂණය ඔස්සේ ඉදිරියේදී තමන් බැසීමට බලාපොරොත්තුවන දුම්රිය ස්ථානය පිළිබඳ තොරතුරු පූර්වයෙන් දැනගත වීමත් විශේෂත්වයකි.

    Latest News