බඩ ඉරිඟු ආනයනය අත්හිටුවා ඇති පසුබිමක් තුළ ත්රිපෝෂ නිෂ්පාදනය සහ සත්ත්ව ආහාර දේශීයව නිෂ්පාදනය කිරීම සඳහා බඩ ඉරිඟු වගාව සඳහා දේශීය ආයෝජකයින් මහා පරිමාණයෙන් සඳහා දිරි ගැන්වීම මෙහි අරමුණයි.
ඒ අනුව හඳුනාගත් දේශීය ආයෝජකයින් වෙත වසරක කාලයක් සඳහා බදු පදනම මත අදාළ ඉඩම් කොටස් වෙන් කර දීමට නියමිතයි.
වගාවේ සාර්ථකත්වය මත ඉඩම් ආඥා පනතේ විධිවිධානයන්ට අනුව ඉදිරියේදී දිගුකාලීන බදු පදනමෙන් අදාළ ඉඩම් කොටස් ලබා දෙන බවට ද අදාළ යෝජනාවේ සඳහන් ය.