"අප රටේ දවල් කාලයට පැය 07ක් 08ක් යන තෙක් හොඳට හිරු එළිය ලැබෙනවා. නමුත් අපේ කාර්යාල හැම එකකම මහදවාළේත් විදුලි පහන් දල්වාගෙන තමයි ඉන්නේ. හොඳට සුළං හමන රටක මුලු දවස පුරාම වායුසමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මක කරනවා. ජාතික ධනය හා සම්පත් විශාල වශයෙන් නාස්ති වෙනවා. ඒ නිසා අපි පරිසර අමාත්‍යාංශය විදියට තීරණය කළා මින් පසු අපි පවත්වන මාණ්ඩලික නිලධාරින්ගේ සාකච්ඡා, රැස්වීම් සියල්ලම අපේ අමාත්‍යාංශ පරිශ්‍ර යේ තිබෙන සුන්දර වන අරණ තුළ පවත්වන්න" යැයි අමාත්‍යවරයා පැවැසීය.
ඒ අනුව ඊයේ ප්‍රථම වරට නැකතට පැළයක් බීජ රෝපණ වැඩ සටහන පරිසර අමාත්‍යාංශ පරිශ්‍ර යේ පිහිටි සුන්දර වන අරණ තුළ පවත්වනු ලැබීය. රුක් ගොමුව නිසා දවල් කාලයේ වුවද ඉතා සිසිල් පරිසර තත්ත්වයක් පැවැති අතර සියලු නිලධාරින් මෙම වැඩ සටහන අගය කරනු ලැබීය. මෙම අවස්ථාවට පුජ්‍ය පක්ෂය නියෝජනය කරමින් බෞද්ධ හා හින්දු පූජක තුමන්ලා ද සහභාගි වු අතර මෙම නවමු අත්දැකීම උන්වහන්සේ ලා ද අගය කළහ.
එහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා ...
"අපේ රටේ හැම රජයේ හා පුද්ගලික ආයතනයකම ශ්‍රවණාගාර දෙකක් හෝ තුනක් තිබෙනවා. ඒ වගේම හැම නගරයකම සම්මන්ත්රණ ශාලා ගණනාවක් තිබෙනවා. පාසැල් පද්ධතියේ බහුතරයකම ශ්‍රවණාගාර තිබෙනවා. මේවා නඩත්තුවට රජය විශාල මුදලක් වාර්ෂිකව වැය කරනවා. නමුත් අමාත්‍යාංශයක හෝ දෙපාර්තමේන්තුවක මොකක් හරි රැස්වීමක් පවත්වන්න සිදු වුනොත් ඒ සඳහා යොදාගන්නේ තරු පහේ හෝටල්. ඒවාට වෙනමම වියදම් කරනවා.
අපි මෙම සංස්කෘතිය වෙනස් කළ යුතුයි. ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් වුනත් සුන්දර පරිසර කලාපයක් තුළ එළිමහනේ පැවැත්වීමට පුලුවන්. මං හිතන්නේ එමගින් අපේ මිනිස්සුන්ට පරිසරය ආරක්ෂා කිරීමේ වගකීම හා අවශ්‍යතාවය පැහැදිළි කර දෙන්න පුලුවන්.
ඒ නිසා මම තීරණය කළා ඒ ආදර්ශය අපි පරිසර අමාත්‍යාංශයෙන් ආරම්භ කරන්න. මම ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරද්දී රැස්වීම්වලට තරු පහේ හෝටල් යොදා ගැනීම සම්පුර්ණයෙන්ම නතර කළා. අපි ඒවා පැවැත්වුයේ රාජ්‍ය අංශයේ ශ්‍රවණාගාරවල. නමුත් අද අපි මෙම නැකතට පැළයක් වැඩ පිළීවෙළ සමාරම්භක උත්සවය මෙම සුන්දර වන අරණ තුළ පැවැත්වීමට තීරණය කළා. දැන් වේලාව පෙරවරු 11යි. ඒ වුනත් මෙම රුක්ගොමුවේ තිබෙන සිසිලස නිසා අව් රශ්මිය දැනෙන්නේ නැහැ. මෙවැනි රුක් ගොමුවක් හැම රාජ්‍ය හා පුද්ගලික කාර්යාල පරිශ්‍රයකම පහසුවෙන් පිහිටුවා ගන්න පුලුවන්. අපේ රටේ විශේෂ අවධානයක් යොමු කර වන වගා කරන්න අවශ්යතකාවයක් නැහැ. ඉවත දමන දණ්ඩක් වුවත් දළු දාලා පැළවෙන සරු පොළවක් අපිට තියෙනවා. ගැටළුව තියෙන්නේ ඒ පොළවෙන් නිසි ප්‍රයෝජන තවමත් අපි ලබා නොගැනීමයි.
අපි ගොඩනැගිලි හදලා තියෙන්නේ මහ දවාළේත් ලයිට් දාගෙන වායු සමීකරණ දාගෙන ඉන්න. හරියට බ්‍රොයිලර් කුකුල්ලු වාගේ. ලයිට් නැත්නම් මොකුත් කරන්න බැහැ. නමුත් ලස්සන පරිසරයක් තියාගෙන අපි ඒවායින් නිසි ප්‍රයෝජන ගන්නේ නැතැයි" ද අමාත්‍යවරයා මෙහිදී කීය.
වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා "අපි අපේ බාල පරම්පරාව වත් මේ නව සංස්කෘතියකට හුරු කළ යුතුයි. පරිසරයට ආදරය කරන, ගහකොළ වලට ආදරය කරන, වන සතුන්ට, පක්ෂීන්ට ආදරය කරන පරපුරක් හදන්න නම් පරිසරය සමග ජීවත් වෙන හැටි ඒ අයට කියා දෙන්න ඕනෑ.
අද පරිසරය කියන්නේ සාක්කුවට සල්ලි උණන උල්පතක් විදියට සමහරු හිතනවා. විශේෂයෙන් සමහර දේශපාලකයෝ හා ව්‍යාපාරිකයෝ . වැලි කපනවා. මැටි කපනවා. කළුගල් කඩනවා, පස් කපනවා. ඒවට බලපත් ඉල්ලාගෙන පෝලිමේ එනවා. සමහරුන්ට වුවමනා පරිසරයට හෙණ ගහළා ගියත් කමක් නෑ තමන්ගේ මල්ල පුරවා ගන්න.
මම එක් කාරණයක් මතක් කරන්න කැමැතියි. පරිසරය විනාශ කරන පුද්ගලයින්ට එහි විපාක අත් විඳින්න සිදුවෙන්නේ වැල් පොලියත් එක්ක. ඒක තමයි 2004 සුනාමියෙන් අපිට කියා දුන්න පාඩම. ඒක තමයි වරින්වර සිදුවන නායයාම්වලින් අපිට කියා දෙන පාඩම යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය. පරිසර අමාත්‍යාංශ පරිශ්‍ර යේ පිහිටි වන අරණ සාකච්ඡා මණ්ඩපයකට සුදුසු අයුරින් සංවර්ධනය කරන ලෙස ද අමාත්‍යවරයා අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට උපදෙස් දුන්නේය.