ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර මෙමගින් සභාවේ බල තල ක්රියාත්මක කිරීමට සහ එහි කටයුතු කිරීමට විශේෂ කොමසාරිස් වරයෙක් පත් කර ඇත.
මෙලෙස කොමසාරිස්වරයෙක් ලෙස පත් කර ඇත්තේ පරිපාලන සේවා නිළධාරියෙක් වන ජීවන්ත හේරත් ය.
එමෙන්ම බදුල්ල මහ නගර සභාවේ කටයුතු පිළිබඳව අද සිට මාස 03 ක කාල සීමාවක් ඇතුළත පරීක්ෂා කොට වාර්තා කිරීම සඳහා විශ්රාමලත් අධිකරණ විනිසුරුවරයෙක් වන එච්.එම්.ආර්.අනුර කුමාර පත් කර ඇත.