"ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රශංසනීය සමාගම් - 2020" සම්මාන උළෙල පැවැත්වේ

පෙබ 11, 2021

    “ශ්‍රී ලංකාවේ වඩාත්ම ප්‍රශංසනීය සමාගම් - 2020” වෙත සම්මාන ප්‍රදානය කිරිමේ උත්සව ඉකුත් බදාදා (10) දින සන්ධ්‍යාවේ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.

    ශ්‍රී ලංකාවේ සමාගම් අතර වඩාත් කැපී පෙනෙන සමාගම් තම කොටස් හිමියන්, ගණුදෙනුකරුවන්, සේවකයින් සහ පොදුවේ ප්‍රජාව සඳහා කරනු ලබන සුවිශේෂි පිළිගැනීම වෙනුවෙන් පිරිනමනු ලබන මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහභාගි විය.

    මෙම සම්මාන ප්‍රදානෝත්සවය ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL), වරලත් ගණකාධිකාරී කළමනාකරණ ආයතනය (CIMA) සහ Daily FT පුවත්පත එක්ව සංවිධානය කරන ලදි. මෙවර “ශ්‍රී ලංකාවේ වඩාත්ම ප්‍රශංසනීය සමාගම් - 2020” සම්මාන උළෙලේ ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූයේය. මෙම සම්මාන ප්‍රධානෝත්සවයේ ප්‍රධාන දේශකයා ලෙස ඉන්දියාවේ බොස්ටන් උපදේශන සමූහයේ කළමණාකාර අධ්‍යක්‍ෂ සහ ජ්‍යෙෂ්ඨ හවුල්කරු අල්පේෂ් ෂා මහතා (Mr Alpesh Shah) එක්වූ අතර එතුමන් ‘කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්තවීමේ අභියෝගය මධ්‍යයේ ව්‍යාපර පවත්වාගෙන යාම’ යන තේමාව යටතේ සිය දේශනය සිදුකළේය.

    කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට මුල්තැනක් දෙමින් පැවැති මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා, සම්භාවනීය ආරාධිතයින් සහ ප්‍රධාන දේශකයාගේ සම්ප්‍රාප්තියෙන් අනතුරුව උත්සව කටයුතු ආරම්භ විය. විද්‍යුත් සම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව ව්‍යාපාරික ක්‍ෂේත්‍රය පිළිබඳ කෙටි විඩියෝ පටයක් ද මෙහිදි ප්‍රදර්ශනය කෙරිණි. පසුව වරලත් ගණකාධිකාරී කළමනාකරණ ආයතනයේ ප්‍රධානි විසින් සමාරම්භක දේශනය සිදුකල අතර ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ මහලේකම්වරයා සහ වරලත් කළමනාකරණ ගණකාධිකාරීන්ගේ ආයතනයේ සභාපතිවරයා විඩියෝ තාක්‍ෂණය මගින් මෙම සම්මාන ප්‍රදානෝත්සවය ඇමතූවේය.

    “ශ්‍රී ලංකාවේ වඩාත්ම ප්‍රශංසනීය සමාගම් - 2020” සම්මාන උළෙලේ වඩාත් ඉහළම පිළිගැනීමක් දිනාගත් සමාගම් දහය වෙත මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් සම්මාන ප්‍රදානය කරන ලදී.

    මෙම අවස්ථාවේදී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සිය දේශනයේදී වර්ෂ 2020 – 2025 හමුදාවේ ඉදිරි උපායමාර්ගික සැලැස්ම පිළිබඳ සඳහන් කරන ලද අතර අපේක්ෂිත ව්‍යාපාර සහ එම සමාගම්වල වර්තමාන ප්‍රමිතීන් සමඟ පෙළගැස්වීම සඳහා අවම වශයෙන් අවුරුදු පහක්වත් ගතවන බව සඳහන් කරන ලදී. එමෙන්ම ආයතනයන්හී අපේක්ෂාවන් ඉටුකර ගැනීම වස් ඉදිරි උපාය මාර්ගයන් තිබීය යුතු බවත් එමගින් සෑම වසරකටම පසු වඩාත් සාර්ථක ප්‍රමිතීන් ළඟා කර ගත හැකි වන බව සඳහන් කරන ලදී. වර්ෂ 2020 – 2025 හමුදාවේ ඉදිරි උපායමාර්ගික සැලැස්ම සමඟ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ඉදිරි කටයුතු වඩාත් ඵලදායි ලෙස සාර්ථක කර ගැනීම සඳහා මෙමගින් හැකි වන බව ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙහිදී පෙන්වා දුන්නේය.

    ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු රාජ්‍ය ලේකම් කොලින් පවෙල් (Colin Powell) නායකත්වය සම්බන්ධයෙන් ප්‍රකාශය කළ වීඩියෝ පටයක් ප්‍රචාරයක කරන ලදී. එහිදී නායකත්වය යනු අන්‍යේනය ක්‍රියාකාරිත්වය සහ සිය අනුගාමිකයන් වෙනුවෙන් සටන් කිරීමට උනන්දුවෙන් සිටිය යුතු බවත් ඔවුන්ගේ ශක්තීන් සහ දුර්වලතා තේරුම් ගෙන කටයුතු කළ යුතු බවත් සඳහන් කරන ලදී. ඉන් විනගරුක උසස් ප්‍රමිතියකින් යුත් සංවිධානක් නිර්මාණය වන බව වැඩිදුරටත් පැවසීය.

    විශේෂයෙන් ශ්‍රී ලංකාවේ COVID - 19 වසංගතය පාලනය කිරීමේ කාර්ය සාධක බලකායේ ප්‍රධානියා ලෙස ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ නායකත්ව ගති ලක්ෂණ සහ ඔහුගේ අභියෝගාත්මක භූමිකාව ගෞරවයට පාත්‍ර කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් හට විශේෂ සම්මානයක් පිරිනමන ලදී.

    අයිඩීඑච් රෝහලේ වෛද්‍යවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලය නියෝජනය කරමින් මෙම විශේෂ සම්මානලාභීන් අතරට අබාන් පෙස්ටන්ජි මහත්මිය (Aban Pestonjee) ද සහභාගී වූවාය. සංවිධායකයින් විසින් උත්සවය අවසානයේ ව්‍යාපාරයන්හී වඩාත්ම ප්‍රශංසනීය නායකයින් හට සම්මාන ප්‍රදානය කරන ලදී. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති සහ හිටපු යුද්ධ හමුදාධිපති ජෙනරල් (විශ්‍රාමික) දයා රත්නායක මහතා ද සහභාගී විය.

    Last modified on බ්‍රහස්පතින්දා, 11 පෙබරවාරි 2021 16:54

    Latest News