මහ කන්නයේ වී මිලදී ගැනීමට සමූපකාර සමිති සැරසේ (වීඩියෝ)

පෙබ 13, 2021
  • සමූපකාර සමිති, මහ කන්නයේ වී මිලදී ගැනීම අද ආරම්භ කළේය.

    ඒ සඳහා සමූපකාර සමිතිවලට රජය ලබාදී ඇති මුදල රුපියල් කෝටි 220ක්. වී මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් මිලදී ගැනීමට රජය රුපියල් කෝටි 1,665ක් වෙන්කර තිබේ.

    දිවයින පුරා පිහිටි සමූපකාර දෙපාර්තමේන්තුව සතු ගබඩා 382ක් සඳහා වී මෙට්‍රික් ටොන් 45,000ක් මිලදී ගැනීමට නියමිතයි.

    ඒ සඳහා 4%ක සහන පොලී ණය මුදලක් ලබාදේ. ණය මුදල මාස 6කින් ගෙවිය යුතුය. උතුරු මැද පළාත සඳහා රුපියල් බිලියන 1.9ක්, උතුරු පළාත සඳහා රුපියල් මිලියන 140ක්, නැගෙනහිර පළාත සඳහා රුපියල් මිලියන 200ක් සහ මධ්‍යම පළාත සඳහා රුපියල් මිලියන 70ක් වශයෙන් වී මිලදී ගැනීම සඳහා රජය වෙන්කර තිබේ.

    ඊට අමතරව, දකුණ, වයඹ සහ සබරගමුව යන පළාත්වලට වී මිලදී ගැනීම සඳහා රජය වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 94ක්.

    Last modified on සෙනසුරාදා, 13 පෙබරවාරි 2021 22:28

    Latest News