ටැබ් පරිගණක 96,000 ක් පාසල් 1401කට බෙදා හැරීමට පියවර ගනී

පෙබ 16, 2021

    උසස් පෙළ සිසුන් වෙනුවෙන් ලබා දීමට කලින් සැලසුම් කර තිබූ ටැබ් පරිගණක අනූ හය දහසක් පාසල් 1401ක 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් අතර බෙදා හැරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

    මෙම ටැබ්, සිසුන්ට නිවෙස්වලට ගෙන යාමට නොහැකි වන අතර, ඒවා පාසල්වල සුරක්ෂිතව තබා ගැනීමේ වගකීම විදුහල් ප්‍රධානීන්ට පැවරේ.

    ටැබ් ආරෝපණ උපකරණ පාසල්වලට සපයන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

    මෙම ටැබ් සඳහා අන්තර්ජාල පහසුකම් නොලැබෙන අතර විෂය කරුණු පමණක් අන්තර්ගත කෙරෙන බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.

    Latest News