මාධ්‍යවේදීන්ට කොවිඩ් එන්නත කඩිනමින්

පෙබ 17, 2021

    මාධ්‍යවේදීන් සඳහා ද කොවිඩ් එන්නත ලබා දීමට කඩිනමින් කටයුතු කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.

    මේ වනවිට ඇණවුම් කර ඇති ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලක්ෂ පහ දිවයිනට ළගා වීමත් සමඟ මේ පියවර ගන්නා බව ලේකම්වරයා කියා සිටියේය.

    ජනතාව සමඟ නිරන්තරයෙන් කටයුතු කරන මාධ්‍යවේදීන් එන්නත් කිරිම සිදු කළ යුතු බව කියා සිටි විශේෂඥ වෛද්‍යවරයා කොවිඩ් ව්‍යාප්තිය පාලනය සහ ඉන් වැළකී සිටිමට ගත යුතු ක්‍රියාමාර්ග ජනගත කිරිමේ කටයුත්ත මාධ්‍ය විසින් සිදු කළේ අභියෝගාත්මක තත්ත්වය සිට බව ද කියා සිටියේය.

    ඇණවුම් කළ එන්න්ත දෙවන කොටස මෙරටට පැමිණි පසුව ලබා දිය යුතු පිරිස් මේ වනවිට සකස් කර අවසන් බවත් ඉන් ප්‍රමුඛතාවයන් අනුව එම එන්නත්කරණය සිදු කරන බව ද ඒ මහතා දිනමිණ සිදු කළ විමසීමකට පිළිතුරු දෙමින් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

    Latest News