ශ්‍රී ලංකා පොලීසියට ජපන් රජයෙන් පරිත්‍යාගයක්

පෙබ 17, 2021

    ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පරිහරණය උදෙසා ජපාන රජය මගින් පරිත්‍යාග කළ ජීප් රථ 31ක්, වෑන් 10ක්, බස් රථ 04ක් සහ සුඛෝපබෝගී ප්‍රාඩෝ රථයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත සංකේතාත්මකව භාරදීම ඊයේ (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු වුණා.

    මේ අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර, පොලිස්පති චන්දන වික්‍රමරත්න සහ ක්‍රවුන් ඒජන්ට් ආයතනයේ දේශීය නියෝජිත දුමින්ද චන්ද්‍රරත්න සහභාගී වුණා.

    ශ්‍රී ලංකා පොලීසිය සිදුකරන විමර්ශන කටයුතු පහසු කිරීම සඳහා ජපාන රජය විසින් රුපියල් මිලියන 1,250ක පූර්ණ ප්‍රදානයක් ලෙසින් මේ පරිත්‍යාගය සිදු කරනු ලැබුවා.

    එහි පළමු පියවර ලෙස රුපියල් මිලියන 775ක් වටිනාකමින් යුත් වාහන 45ක් භාර දෙනු ලැබුවා.

    Latest News