විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට වෙබ් අඩවියක්

පෙබ 21, 2021

    විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට ප්‍රමුඛතාව දීම රටේ අවශ්‍යතාවක් බව, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

    ඔවුන්ට ප්‍රමුඛතාව ලබාදීම සඳහා වත්මන් රජය ද පියවර රැසක් ගෙන ඇති බව, මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා සඳහන් කළේය.

    මහනුවර-වටපුළුව, ටෙඩීස් කාසල් විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ පාසලේ වෙබ් අඩවිය එළිදැක්වීම අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු කෙරිණ. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ මෙවැනි දරුවන් සඳහා ප්‍රමුඛතාව ලබාදීමේදී නවීන තාක්‍ෂණය යොදා ගැනීම අතිශය වැදගත් වන බවයි.

    Latest News