ෆයිසර් එන්නත් නිෂ්පාදනය දෙගුණ කිරීමට සමාගම සූදානම්

පෙබ 21, 2021

    ෆයිසර් එන්නත් නිෂ්පාදන ක්‍රියාවලිය දෙගුණ කිරීමට සූදානම් බව එම සමාගම පවසනවා.

    ෆයිසර් බයෝ එන් ටෙක් එන්නතේ නිෂ්පාදන ක්‍රියාවලිය වඩාත් වේගවත් කිරීමේ අරමුණෙන් මෙම පියවර ගත් බවයි, එහි ප්‍රධාන විධායක නිලධාරී ඇල්බට් බූලා පවසන්නේ.

    ඉදිරි සති කිහිපය තුළ මෙම කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

    දැනට ෆයිසර් සමාගම සතියකට එන්නත් මිලියන 5ක් පමණ නිෂ්පාදනය කරනු ලබනවා.

    ෆයිසර් එන්නත මගින් කොවිඩ් - 19 වයිරසය එක්අයෙකුගෙන් තවත් අයෙකුට සම්ප්‍රේෂණය වීම අවම වන බව පර්යේෂණයකින් හෙළිව තිබෙනවා.

    Latest News