පාස්කු ප්‍රහාරයේ වාර්තාව අධ්‍යයනය කිරීමේ කමිටුවේ පළමු රැස්වීම අද (22)

පෙබ 22, 2021

    පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අධ්‍යයනය කිරීම සඳහා පත්කර ඇති කැබිනට් අනු කමිටුව අද (22) පළමු වරට රැස්වීමට නියමිතය.

    අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව රැස්වෙනු ඇත.

    පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන වාර්තාවේ ඇතුළත් කරුණු සහ නිර්දේශ ගැඹුරින් අධ්‍යයනය කර ඒ පිළිබඳ ක්‍රියා කළයුතු ආකාරය වාර්තා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගියදා මෙම කැබිනට් අනු කමිටුව පත්කරනු ලැබීය.

    චමල් රාජපක්ෂ මහතාට අමතරව ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග සහ රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරුන් මෙම කමිටුවේ සෙසු සාමාජිකයින් වේ.

    අද(22) දිනයේ කමිටුව රැස්වී අදාළ වාර්තාව පිළිබඳ මූලික අධ්‍යයනයක් සිදු කිරීමට බලාපොරොත්තුවන බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

    Latest News