වෙලේ සුදා ජුනි 17 වැනිදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන්න - කොළඹ මහාධිකරණය

පෙබ 22, 2021

    ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා නමැත්තා ලබන ජුනි මස 17 වැනිදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

    හෙරොයින් මත්කුඩු ජාවාරමෙන් උපයා ගත් රුපියල් මුදල්වලින් රුපියල් කෝටි 17කට ආසන්න වත්කම් අත්පත් කරගත්තේ යැයි චෝදනාවට වෙලේසුදා, ඔහුගේ බිරිඳ සහ ඥාති සොයුරියකට එරෙහිව ගොනුකර ඇති නඩුවක් කැඳවූ අවස්ථාවේදී කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

    නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී දෙපාර්ශ්වයෙන් නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා නඩුවේ වැඩිදුර විභාගය ජුනි මස 17 වනදා පැවැත්වීමට තීන්දු කළේය.

    වෙලේ සුදා මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් වූ චෝදනාවකට වරදකරුවී මේ වනවිට මරණීය දණ්ඩනය නියමවී සිටි.

    Latest News