පුත්තලම - කොළඹ දුම්රිය තාවකාලිකව නතර කෙරේ

පෙබ 22, 2021

    කටුනායක සහ පුත්තලම දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය එළඹෙන 26 වනදා සිට 28 වනදා දක්වා තාවකාලිකව නතර කිරීමට සිදුවන බව දුම්රිය මූලස්ථානය සඳහන් කරයි.

    ඒ පුත්තලම දුම්රිය මාර්ගයේ කුරණ සහ මීගමුව දුම්රිය ස්ථාන අතර ද්විත්ව මාර්ග සංවර්ධන කටයුතු හේතුවෙනි.

    ඒ අනුව, එළඹෙන 26 වනදා පෙරවරු 8.00 සිට 28 වනදා පස්වරු 8.30 දක්වා කුරණ සහ මීගමුව දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගය වසා තැබෙනු ඇත.

    එම කාලසීමාව තුළ කටුනායක සහ පුත්තලම දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය සිදු නොකරන බැවින් පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය සිදු කරනු ලබන්නේ කොළඹ කොටුව සහ කටුනායක දුම්රිය ස්ථාන අතර පමණි.

     

     

    Latest News