වැව් ජලයෙන් ජීවත්වන ගොවි පවුල් සංඛ්‍යාව 65ක්. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හෝ වෙනත් කිසිදු අවසරයකින් තොරව වැව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රජයෙන් රුපියල් ලක්ෂ 50ක මුදලක් කොන්ත්‍රාත්කරු ලබාගෙන ඇති බව ප්‍ර දේශවාසීන් නඟන චෝදනාවයි.
වැව තුළ විශාල වළවල් හාරා පස් විකුණන බව වාර්තාවේ. එමෙන්ම පාරම්පරික ගස් කපා විනාශ කරන බව පැවසේ. මාස තුනක් වැනි කෙටි කාලයකින් රොන් මඩ ඉවත් කළ යුතුව තිබුණ ද වැවේ පස් ඉවත් නොකර එය සිදු කළ නොහැකි බව කොන්ත්‍රාත්කරු පවසයි.