කන්දකාඩුවේදි නාවික හමුදාවේ 12 කට තුවාල (විඩියෝ)

ජන 29, 2019
  • කින්නියාහි කන්දකාඩු ප්‍රදේශයේ මහවැලි ගඟේ නීති විරෝධීව වැලි ගොඩ දමමින් සිටි පිරිසක් වැටලීමට ගිය නාවික හමුදා නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් අතර නොසන්සුන්තාවක් හටගත්තේය.

    නාවික හමුදාව ප්‍රකාශ කළේ ජාවාරම්කරුවන්, නාවික හමුදා සහ විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට දැඩි ලෙස පහර දී ඇති බවයි. කින්නියා ප්‍රදේශයේ සාවරු පාලම පිහිටි ප්‍රදේශයේ අද උදෑසන නීති විරෝධීව වැලි ගොඩ දමන බවට ලද තොරතුරක් මත නාවික හමුදාව වැටලීම සිදු කළේය.

    එම අවස්ථාවේ ජාවාරම්කරුවන් නාවික හමුදා නිලධාරීන් දැක ගඟට පැන පලාගොස් තිබේ. ජාවාරම්කරුවන් සහ ප්‍රදේශවාසීන් වැලි ජාවාරම වැටලීම වැළැක්වීමේ අරමුණින් සංවිධානාත්මක නිරෝධතාවක නිරතව තිබේ.

    ප්‍රකෝපකාරී වූ පිරිස් සංවිධානාත්මකව නාවික හමුදා භටයන්ට පහරදීමට උත්සාහ දරා ඇති අතර, පිරිස පාලනය කිරීමට නාවික හමුදාව අහසට වෙඩා තබා ඇත. පසුව පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය පැමිණ තත්වය පාලනය කර තිබේ.

    Last modified on අඟහරුවාදා, 29 ජනවාරි 2019 20:36

    Latest News