හමුදා බස් රථයක් දුම්රියක ගැටෙයි

මාර් 01, 2021

    පොල්ගහවෙල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක් වනවාසල ප්‍රදේශය ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයේ දී බසයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙන බව වාර්තා වෙයි.

    මෙසේ අනතුරට පත්ව ඇත්තේ හමුදා නිලධාරින් රැගත් බස්රථයකි.

    අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු බරපතළ තුවාළ ලබා රෝහල් ගත කර ඇති අතර බස් රථයේ ගමන් ගත් කිසිවෙකුට හෝ හානි සිදුව නොමැති බවට වාර්තා වෙයි.

    අනතුර සිදුවන විට එම ස්ථානයේ ලොතරැයි අලෙවි කුටියක සිටි අලෙවිකරු සහ ලොතරැයි මිලට ගැනිමට පැමිණි අයෙකු බරපතළ තුවාල ලබා තිබෙන බවට වාර්තා වෙයි.

    Last modified on සදුදා, 01 මාර්තු 2021 12:49

    Latest News