මෛත්‍රී ගුණරත්නගේ පුත්‍රයාට පහරදීමේ සිද්ධියේ විමර්ශන වෙනත් විශේෂ ඒකකයකට භාරදේ

මාර් 01, 2021

    පෑලියගොඩ පොලිස් ස්ථානය තුළදී මිගාර ගුණරත්නට පහර දුන්නේ යැයි පැවසෙන සිද්ධිය සහ ඔහු විසින් පොලිස් රාජකාරියට බාධා කළේ යැයි පැවසෙන සිද්ධීන් දෙක සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශණ පෑලියගොඩ පොලිසියෙන් ඉවත්කර වෙනත් විශේෂ විමර්ශණ ඒකකය මඟින් සිදු කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය පොලිස්පතිවරයාට අද නියෝගයක් නිකුත් කර තිබේ.

    දෙපාර්ශවයේම නීතීඥයන් ඉදිරිපත් කරනු ලැබූ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇති අතර අදාල නඩුව මේ මස 15 වනදා යළි කැඳවීමට නියම්තය.

    ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්නගේ පුත්‍රයෙකු වූ මිගාර ගුණරත්නට පෑලියගොඩ පොලිස් ස්ථානයේදී පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිස් ස්ථානයට අනුයුක්ත ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරුන් තුන්දෙනෙකුගේ සේවය මේ වනවිට අත්හිටුවා තිබේ.

    Latest News