වැඩි මිලට සහල් විකුණු 1000 කට නඩු පැවරේ

මාර් 04, 2021

    සති දෙකක් තුළ සිදුකළ වැටලීම්වලින් වැඩි මිලට සහල් විකිණු වෙළෙඳුන් 1000 කට අධික සංඛ්‍යාවකට නඩු පවරා ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

    පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශන ඒකකය සඳහන් කළේ, දෛනිකව දීපව්‍යාප්තව වැටලීම් සියයක් පමණ සිදු කරන බවයි.

    සහල් පාලන මිල අනුව කැකුළු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 93 කටත් නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 96 කටත් හා සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 98 කටත් අලෙවි කළ යුතු බව පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසීය.

    කෙසේ වෙතත් කීරි සම්බා සඳහා පැවති පාලන මිල මේ වනවිට ඉවත් කර තිබේ.

    Latest News