සනීපාරක්ෂක කටයුුතුවල වැඩි දියුණුවට; ලෝක බැංකු ආධාර

ජන 31, 2019

    මෙරට පානීය ජල සහ සනීපාරක්ෂක කටයුතු වැඩිදියුණු කිරීම සඳහා ලෝක බැංකු ආධාර ලබාදීමට එකඟතාව පළකර තිබේ.

    දැනට දිස්ත්‍රික්ක 7ක ක්‍රියාත්මක එම ව්‍යාපෘතිය ඉදිරියේ දී තවත් දිස්ත්‍රික්ක ගණනාවක ව්‍යාප්ත කිරීමට නියමිතයි. වොෂිංටන් සිට පැමිණි ලෝක බැංකුවේ විශේෂ නියෝජිත තකූයා කමාටා මහතා ප්‍රමුඛ ලෝක බැංකු නියෝජිත පිරිසක් අමාත්‍ය රවුෆ් හකීම් මහතා හමුවී ඊට එකඟතාව පළ කළේය.

    නව ජල මූලාශ්‍ර සොයා ගැනීම මෙන්ම, නව ජලාශ ඉදිකිරීම මගින් ජනතාවගේ ජල අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය පරිදි ඊට සම්බන්ධ ප්‍රධාන අමාත්‍යාංහ 3ක් එක්ව, ජල සම්පාදන, වාරිමාර්ග හා මහවැලි සංවර්ධන යන අමාත්‍යාංශවල ලේකම්වරු එහි ප්‍රධානත්වය දැරීමට නියමිතයි. ජලය හිඟ ප්‍රදේශවලට ජල පහසුකම් ලබාදීම යටතේ නල ලිං ඉදිකිරීම, නව ජල මූලාශ්‍ර සොයා ගැනීම සහ නව ජලාශ ඉදිකිරීම යන අංශ කිහිපය කෙරෙහි නගර සැලසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබේ.

    Latest News