"අපේ ගමේ-අපේ ක‍ඩේ" වැඩසටහන ක්‍රියාත්මකයි

මාර් 08, 2021

    දිවයිනේ සෑම ග්‍රාම නිලධාරි කොට්ඨාසයකම එක් මාර්ගයක් සංවර්ධනයේ දී නිවසක් හා ඊට යාබදව ව්‍යාපාරික ස්ථානයක් ඉදිකිරීමේ වැඩසටහන අද ආරම්භ කෙරිණ.

    ඒ, කොළඹ, කළුතර හා අනුරාධපුර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින්. දිවයින පුරා කිලෝමීටර ලක්‍ෂයක මාර්ග සංවර්ධනය කිරීමේ වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක කෙරිණ. එය නම්කර ඇත්තේ "අපේ ගමේ-අපේ ක‍ඩේ" ලෙසයි.

    දිවයිනේ ග්‍රාම නිලධාරි කොට්ඨාස සියල්ලේම අඩු ආදායම්ලාභීන්ගේ ආර්තිකය නංවාලීම අරමුණු කර ගනිමිනුයි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන්නේ. මෙරට සමස්ත ග්‍රාම නිලධාරි කොට්ඨාස ගණන 14,022ක්. එම කොට්ඨාසවලින් තෝරාගත් අඩු ආදායම්ලාභී පවුලක් සඳහා මෙම නිවාස හා වෙළෙඳසැල ලබා දෙයි.

    එක් නිවසක් සහ වෙළෙඳසලකට වැය කෙරෙන මුදල රුපියල් ලක්‍ෂ 40කට ආසන්නයි. හෝමාගම, මීගොඩදෙණිය ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ නව නිවසට හා වෙළෙඳසලට මුල්ගල තැබීම අද සිදු කෙරිණ. ඒ අමාත්‍ය බන්දුල ගුණවර්ධන හා රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

    Latest News