බස්නාහිර දහම් පාසල් ලබන මස ආරම්භ කිරීමට තීරණය කෙරේ

මාර් 16, 2021

    බස්නාහිර පළාතේ දහම් පාසල් 2021.04.25 දින ආරම්භ කිරීමට සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලය තීරණය කර ඇත.

    බස්නාහිර පළාතේ බෞද්ධ දහම් පාසල් 2026ක් ක්‍රියාත්මක වන අතර, දරු, දැරියන් 604853ක් හා ගුරු භවතුන් 31954ක් ඉගැන්වීම් කටයුතු සිදු කරයි. සෞඛ්‍ය අංශ මගින් දන්වා ඇති උපදෙස් හා මාර්ගෝපදේශ කෙරෙහි නිසි අවධානය යොමු කොට දහම් පාසල් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ මාධ්‍ය නිවේදනයේ සඳහන්.

    Latest News