එම පිරිපහදුවෙන් මෙතෙක් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 474ක්. කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ, පීසීආර් පරීක්ෂණ 1,200කදී මෙම ආසාදිතයන් හඳුනා ගැනීමට හැකි වූ බවයි.
ඉන්ධන පිරිපහදුවේ පිරිසිදු කිරීමේ ක්‍රියාවලියක් සඳහා සේවකයන් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් අමතර 400 දෙනෙකු තාවකාලිකව බඳවා ගෙන තිබේ. ගම්පහ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සඳහන් කළේ, ඉන් එක් අයෙකු ඉකුත් පෙබරවාරි 15 වැනි දින සිදු කෙරුණු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගත් බවයි.
අනතුරුව විටින් විට ආසාදිතයන් හමුවීම හේතුවෙන්, ඉකුත් 19 වැනිදා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් කාර්යාලයේ මැදිහත් වීමෙන් පීසිආර් පරීක්ෂණ සිදුකර තිබේ.