ජාත්‍යන්තර වනාන්තර දිනය අදයි

මාර් 21, 2021

    පරිසර විනාශ සිදුවන බවට සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමට ඇතැම් ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය කටයුතු කරමින් සිටින බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    ජාත්‍යන්තර වනාන්තර දිනය නිමිත්තෙන් අද පැවති ජාතික වැඩසටහනේ දී ඔහු ඒ පිළිබඳ අදහස් පළ කළේය. ජාත්‍යන්තර වනාන්තර දිනය අදට යෙදී තිබේ. සෑම වසරකම මාර්තු 21 ජාත්‍යන්තර වනාන්තර දිනය ලෙස 2021 වසරේ දී නම් කරන ලද්දේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්.

    වනාන්තර සුරැකීමට හා තවදුරටත් වර්ධනය කර ගැනීමට ලෝකවාසී ජනතාව දිරිගැන්වීම එහි අරමුණයි. මෙවර වනාන්තර දිනයේ තේමාව "වනාන්තර ප්‍රතිශ්ඨාපනය-සුවය යහපැවැත්ම සඳහා මාවතක්" යන්නයි. ශ්‍රී ලංකාව ද වනාන්තරවලින් පෝෂණය වූ ජෛව විවිධත්වයෙන් අනූන දිවයිනක්.

    මෙරට වනගහණය 29%කට ආසන්නයි. ජාත්‍යන්තර වනාන්තර දිනය නිමිත්තෙන් ජාතික සැමරුම් වැඩසටහන අද පැවැත්වුණේ, හම්බන්තොට පහළ මත්තල ප්‍රදේශයේදී. ඒ, චමල් රාජපක්‍ෂ, මහින්ද අමරවීර යන අමාත්‍යවරුන්ගේ සහ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

    Latest News