එන්නත් මාත්‍රා ලක්‍ෂ 5 බැගින් ස්පුට්නික් එන්නත මෙරටට ගෙන්වා ගැනීම සදහා රජය අවශ්‍ය කටයුතු යොදා ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ.
මේ අතර ඊයේ දිනයේද තවත් කොවිඩ් මරණයක් වාර්තා වීමත් සමග මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 558ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙරටදී හඳුනාගත් කොවිඩ් ආසාදිත සමස්ත රෝගීන් සංඛ්‍යාව ද 91,561ක්.
ඊයේ දිනයේ තවත් ආසාදිතයින් 272ක් හඳුනා ගැනිණ. කෙසේවෙතත් ඔවුන්ගෙන් 88,145ක්ම දැනටමත් පූර්ණ සුවය ලබා අවසන්.