රු.ලක්ෂ 15ක දැව තොගයක් අත්අඩංගුවට

මාර් 29, 2021

    ඇඟළුම් කර්මාන්ත ශාලාවක නිමි ඇඳුම් ප්‍රවාහනය කරන මුවාවෙන් බලපත්‍ර නොමැතිව ආවරණය කරන ලද ලොරි රථයක ඉතා සූක්ෂම අයුරින් අසුරා ප්‍රවාහනය කළ දැව තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.

    රුපියල් ලක්ෂ 15ක් පමණ වටිනා ඉරන ලද කොස් හා මහෝගනී දැව තොගය සමග සැකකරු අත්අඩංගුවට ගැනුණේ කටාන - මීගමුව ප්‍රධාන මාර්ගයේ කඳවල ප්‍රදේශයේ දී.

    සැකකරු මිනුවන්ගොඩ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක්.

    ඇඟළුම් කර්මාන්ත ශාලාවක කොන්ත්‍රාත් පදනම මත ප්‍රවාහන කටයුතු සඳහා යොදවා ඇති මෙම ලොරි රථයෙන් සැකකරු අවස්ථා කිහිපයකදීම රහසිගත ලෙස බලපත්‍ර නොමැතිව මෙම ලී ප්‍රවාහනය කිරීමේ ජාවාරමේ නිරතව තිබේ.

    සැකකරු සමග දැව තොගය සහ සියළු නඩු භාණ්ඩ මේ මස 31 වැනි දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Last modified on සදුදා, 29 මාර්තු 2021 17:21

    Latest News