විසඳුම් දී තිබියදී වෘත්තිය ක්‍රියාමාර්ගයන්ට එළඹීම කණගාටුවට කරුණක්; තැපැල්පති ‍

මාර් 31, 2021

    ඉල්ලීම්වලට සාධාරණ විසඳුම් ලබාදී තිබියදීත් ඇතැම් නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගයන්ට එළඹීම කණගාටුවට කරුණක් බව, තැපැල්පති ‍රංජිත් ආරියරත්න මහතා පවසයි.

    ඊයේ මධ්‍යම රාත්‍රි සිට වෘත්තිය සමිති කිහිපයක තැපැල් නිලධාරීන් අසනීප නිවාඩු වාර්තා කර තිබේ. ඒ, තැපැල් සේවා නව ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම, වැටුප් විෂමතා ඉවත් කිරීම, පුරප්පාඩු සඳහා නව නිලධාරීන් පත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්.

    මේ හේතුවෙන් අද දිවයිනේ බොහෝ ප්‍ර දේශවල තැපැල් කාර්යාල වසා දමා තිබිණ. මේ නිසා සේවා ලබා ගැනීමට පැමිණි ජනතාව දැඩි අපහසුතාවට පත්වූ බව වාර්තාවේ.

    Latest News