හෙරොයින් සමඟ ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට

මාර් 31, 2021

    ඉන්දීය වෙරළාරක්‍ෂක බලකාය, හෙරොයින් කිලෝ ග්‍රෑම් 300ක් හා ගිනි අවි සමඟ ශ්‍රී ලංකාවට අයත් ධීවර යාත්‍රාවක්, අත්අඩංගුවට ගෙන තිබේ.

    දකුණු ඉන්දියාවේ කේරළයට අයත් විස්හින්ජාම් මුහුදේදී වැටලීම සිදුකර ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි. එරට මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය හා වෙරළාරක්‍ෂක බලකායට ලද බුද්ධි තොරතුරුවලට අනුව, ඉකුත් 25 වැනිදින "රවිහංසි" නමැති මෙම ධීවර යාත්‍රාව, ඔවුන් බාරයට ගෙන තිබේ.

    එය පරීක්‍ෂා කිරීමේදී, හෙරොයින් කිලෝ ග්‍රෑම් 300යි ග්‍රෑම් 323ක්, ඒ.කේ. 47 වර්ගයේ ගිනි අවි 5ක් හා මිලිමීටර 9 වර්ගයේ ජීව උණ්ඩ දහසක් පමණ යොසා ගැනුණු බව, ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය උපුලා දක්වමින් එරට මාධ්‍ය පවසයි. එහි සිටි ශ්‍රී ලාංකිකයන් 6ක් ද ඉන්දීය වෙරළාරක්‍ෂක බලකා අත්අඩංගුවට ගෙන තිබේ. ධීවර යාත්‍රාව විස්හින්ජාම් වරාය වෙත රැගෙනවිත් ඇති බව මාධ්‍ය වාර්තා පවසයි.

    Latest News