වැසිකිළි වලක සිර වී සිටි වන අලියකු බේරා ගනී (වීඩියෝ)

අප්‍රේ 02, 2021
  • ගිරාදුරුකෝට්ටේ කොටලීය මහවැලි ගම්මානයේ ගෙවත්තක වැසිකිළි වලකට කැපූ වලකට වැටී සිරවී සිටි වන අලියකු බේරා ගනී.

    වන අලියාගේ ශරීරයේ වෙඩි සලකුණු සහ තුවාල දක්නට තිබේ. වන අලියා වයස අවුරුදු 25 ක් උස අඩි 08 ක් පමණ වන පිරිමි සතෙක් වන අතර ප්‍රදේශයේ කන් කෑල්ලා සහ එකැස් අලියා නමින් හදුන්වයි.

    අඩි 15 ක් පමණ ගැඹුරු වැසිකිළි වලකට මෙම වන අලියා වැටි සිටියදී ගෙහිමියන් විසින් ගිරාඳුරුකෝට්ටේ වන සත්ත්ව අලිපාලන ඒකකයට දන්වා ඇත. පසුව ප්‍රදේශවාසීන් සහ වන ජීවී නිලධාරීන් මහත් පරිශ්‍රමයක් දරා බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් වන අලියා සීටීසී රක්ෂිතයට පලවා හරින ලද බව අප වාර්තාකරු සඳහන් කරයි.

    Last modified on සිකුරාදා, 02 අප්‍රේල් 2021 15:05

    Latest News