අලුත් අවුරුදු නැකත් සීට්ටුව බෙදාදීම හෙ‍ට (03)

අප්‍රේ 02, 2021

    උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මගින් අලුත් අවුරුදු නැකත් සීට්ටුව රටේ සියලුම නිවෙස් වෙත බෙදාහැරීමේ දීප ව්‍යාප්ත වැඩසටහන හෙට (3) පෙරවරු 7.54 ට යෙදෙන සුභ මොහොතින් ආරම්භ වේ.

    වවුනියාවේ හෙට පැවැත්වෙන ගම සමඟ පිළිසඳර වැඩසටහනේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා මෙම නැකැත් සීට්ටුව ජනතාවට බෙදාදීමට නියමිතයි. බත්තරමුල්ල ආශ්‍රිතව නැකැත් සීට්ටුව බෙදාදීමේ වැඩසටහන ආරම්භ කෙරෙන්නේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. සියලු දිස්ත්‍රික් නායකයන්ගේ ප්‍රධානත්වයෙන් එම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවේ.

    පොදුජන පෙරමුණු රජය වසරකදී කළ සංවර්ධන වැඩසටහන් පිළිබඳ සවිස්තරාත්මක පත්‍රිකාවක් ද මේ සමඟ ජනතාවට බෙදාදෙනු ඇත. කලා වැව ගල්නෑව මකුලෑව ප්‍රදේශය, හඟුරන්කෙත උඩවත්ත කුඹුර ප්‍රජා ශාලාව, දඹුල්ල ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමතිතුමාගේ නිවස, කැස්බෑව පිළියන්දල නගර සභාව ආශ්‍රිතව බදුල්ල දියතලාව නගරය, වලපනේ සී බී රත්නායක අමාත්‍යතුමාගේ කාර්යාලය මින්නේරිය ජයන්ති පුර නගරය, වාරියපොල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලය යන ස්ථානවල දී හෙට වැඩසටහන ක්‍රියාත්මක වේ.

    Latest News