ඒ අනුව මාර්තු මස පළමු වැනිදා සිට රුපියල් දහසක වැටුප කම්කරුවන්ට ලබාදිය යුතු බව, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් මහතාගේ ප්‍රධානත්වයෙන් ලංකා කම්කරු කොංග්‍රස් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ද අදහස් පළ කෙරිණ.