කහ වගාවෙන් නාමල්ඔය සහ උහන ගොවීන්ට ඉහළ ආදායමක්

අප්‍රේ 18, 2021

    කහ වගාවෙන් ඉහළ ආදායමක් ලබා ගැනීමට හැකි වූ බව අම්පාර නාමල්ඔය සහ උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගොවීන් පවසයි.

    නාමල්ඔය සහ උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අක්කර දහසක කහ වගා කර තිබේ. කහ වගාවෙන් තමන්ට ඉහළම ආදායම මෙවර ලැබුණු බව ඔවුන් පවසයි. එම ගොවීන්ගේ සමස්ත ආදායම රුපියල් කෝටි 25කට අධික බව ද වාර්තාවේ. අප්‍රේල් මස මුල් සතියේ බීජ කහ කිලෝවක් රුපියල් 400කට සහ සාමාන්‍ය කහ කිලෝවක් රුපියල් 380කට අලෙවි කිරීමට හැකි වූ බව ගොවීන් පවසයි.

    මේ අතර කහ ගොවීන්ගේ වගා කටයුතු සොයා බැලීමට අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී. වීරසිංහ මහතා අද එම ප්‍රදේශයට පැමිණියේය.

    Latest News