සිරකරුවන් 500කට නිදහස (විඩියෝ)

පෙබ 04, 2019

    71 වැනි නිදහස් සැමරුම් නිමිත්තෙන් සිරකරුවන් 500කට වැඩි පිරිසකට අද නිදහස හිමිවිය.

    ඒ ජනාධිපති පොදු සමාව යටතේ. කළුතර බන්ධනාගාරයේ රැඳවියන් 24කට අද නිදහස හිමිවිය. කළුතර බන්ධනාගාර අධිකාරී නිමල් ශාන්ත මහතා මේ අවස්ථාවට එක්විය.

    ගාල්ල බන්ධනාගාරයේ 19 දෙනෙකු ද ජනාධිපති පොදු සමාව යටතේ අද නිදහස ලැබීය. බන්ධනාගාර අධිකාරී ජගත් වීරසිංහ මහතා ද මේ අවස්ථාව සහභාගී විය. තවත් 50 දෙනෙකු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලැබුවේ මඩකලපුව බන්ධනාගාරයේදී.

    Last modified on සදුදා, 04 පෙබරවාරි 2019 20:23

    Latest News