කුරුණෑගල; තිත්තවැල්ගාල, කුඹුක්ගැටේ, වැල්ලව හුදෙකලා කෙරේ

අප්‍රේ 23, 2021

    කුරුණෑගල තිත්තවැල්ගාල ප්‍රදේශයේ කොවිඩ්-19 රෝගීන්ගේ සංඛ්‍යාව 183 දක්වා ඉහළ ගොස් තිබේ.

    කුරුණෑගල හිරිපිටිය නගරයෙන් ද රෝගීන් කිහිප දෙනෙකු හඳුනා ගැනීම හේතුවෙන් සංචරණ සීමා පැනවීමට සෞඛ්‍ය අංශ ක්‍රියා කර ඇත. කුරුණෑගල කුඹුක්ගැටේ පොලිස් වසමේ නිරාවිය ග්‍රාම නිලධාරි වසම 441 සහ වැල්ලව පොලිස් වසමේ නිකදළුපොත ග්‍රාම නිලධාරි වසම 1185 අද උදේ සිට හුදෙකලා කෙරුණු බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.

    Latest News