කළුගල පොලිස් මුරපොළේ පී.සී.ආර් පරික්ෂණ 45කින් 26කට කොවිඩ්

අප්‍රේ 29, 2021

    ගිනිගත්හේන, කළුගල පොලිස් මුරපොල අසලදී අහඹු ලෙස සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණ 45 කින් 26 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

    අඹගමුව, මස්කෙලිය, කොටගල, ලිදුල, බගවන්තලාව යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශවලින් මෙම අසාදිතයන් 26 දෙනා හමු වී ඇති බවත්, එම අසාදිතයන් කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරතව සිට වතුකරයේ තම නිවාස වලට පැමිණි පිරිසක් බවයි, මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

    අසාදිතයන්ගේ ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කර අසාදිතයන් නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කිරිමට අදාළ සෞඛ්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කටයුතු කරනු ඇති බවද අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.

    Latest News