හෝමාගම රෝහලෙන් දෙවතාවක් පැන ගිය කොරෝනා රෝගියා හමුවේ....

මැයි 15, 2021

    හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගියෙකු දෙවන වරටත් ඊයේ (14) සවස පැනගොස් සිටියදී සොයා ගෙන තිබේ.

    ඔහු රෝහලේ සිට මීටර් 500ක් දුරින් ගලවිලවත්ත දුම්රිය ස්ථානයට යාබද ගෙවත්තකදී සොයා ගෙන ඇත. මෙම රෝගියා ඊයේ උදෑසන 6ට පමණ ප්‍රථම වරට රෝහලෙන් පැනගොස් සිටි අතර, පැයකට පමණ පසුව රෝහලට යාබද වෙනත් නිවසක අසල සිටියදී රැගෙනවිත් වාට්ටුවක රඳවා සිටියදී දෙවන වරටත් මෙසේ පැනගොස් තිබේ.

    රාගම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි මොහුට නිරෝධායන නීතිය යටතේ කටයුතු කරන බව හෝමාගම පොලිසිය පවසයි.

    Latest News