යල කන්නයට රසායනික පොහොරවල අඩුවක් නැහැ...

මැයි 15, 2021

    යල කන්නය සඳහා අවශ්‍ය රසායනික පොහොර රට තුළ පවතින බව, කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

    ආනයනික රසායනික පොහොර, කෘමි හා වල් නාශක භාවිතය තහනම් වන්නේ මහ කන්නයේ සිට. පොහොර බෙදා හැරීම අඛණ්ඩව සිදුවන බව, ගොවිජන සේවා මධ්‍යස්ථානය පවසයි. අනුරාධපුර, හම්බන්තොට, කුරුණෑගල යන දිස්ත්‍රික්කයන්හි, ගබඩාවල ප්‍රමාණවත් තරම් පොහොර තිබෙන බව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසයි.

    සංචරණ සීමා පනවා ඇතත්, ගොවි ජනතාවට අවශ්‍ය පොහොර බෙදාදීම අද දිනයේ ද සිදු කෙරිණ. කොවිඩ් වසංගතය හේතුවෙන් කුමන ආකාරයේ බාධා එල්ල වුවද, යල කන්නය සඳහා හිඟයකින් තොරව පොහොර බෙදාහැරීම රජයේ අරමුණයි.

    Latest News