සංචරණ සීමා නිරීක්‍ෂණයට පොලිස් නිලධාරීන් 22,000ක්

මැයි 23, 2021

    සංචරණ සීමා ක්‍රියාත්මක වීම නිරීක්‍ෂණයට පොලිස් නිලධාරීන් 22,000ක් යෙදවනු ලැබ තිබේ.

    පොලිසිය සඳහන් කළේ නිරෝධාන නීති කඩ කළ 369ක් ඊයේ අත්අඩංගුවට ගත් බවයි. දිවයිනටම බල පැවැත්වෙන සංචරණ සීමා යළි පනවනු ලැබුවේ ඉකුත් 21 වැනි දින රාත්‍රී 11.00 සිටයි. එය ලබන 25 අළුයම 4.00 දක්වා ක්‍රියාත්මකයි.

    බස්නාහිර පළාතෙන් පිටතට යන වාහන හා පුද්ගලයන් පිළිබඳ පරීක්‍ෂා කිරීම සඳහා මාර්ග බාධක 14ක් යොදවා තිබේ. නිරෝධායන නීති කඩ කරන්නන් සොයා අද කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල විශේෂ ඩ්‍රෝන මෙහෙයුමක් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.

    Last modified on ඉරිදා, 23 මැයි 2021 12:51

    Latest News