වගුරකට වැටී දින 15ක් තිස්සේ අසාධ්‍යව සිටින ඇතාගේ ජිවිතය අවදානමක

මැයි 23, 2021

    වවුනියාව පුදූර් ප්‍රදේශයේ වගුරකට වැටී අසාධ්‍ය තත්වයට පත්ව සිටින අතෙකු බේරා ගැනීම සඳහා වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය සහ රාජ්‍ය ආයතන කිහිපයක් දැඩි ප්‍රයත්නයක නිරත වෙමින් සිටී.

    අවුරුදු 15ක් පමණ වන ඇතාගේ පාදය ආබාධයකට ලක්වීම නිසා මෙලෙස වගුරුබිමෙහි සිර වී සිටින බව අප වාර්තාකරු පවසයි. වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් ඇතාට අවශ්‍ය ආහාරපාන ලබාදීමට කටයුතු කළේය.

    ඇතා කඩිනමින් ගොඩට ගත නොහැකි වුවහොත් ජිවිත අවදානමක් මතුවිය හැකි බව වවුනියාව පශු වෛද්‍ය නිලධාරි බී.ගිරිදරන් මහතා පවසයි. දින 15ක් ගතවී ඇතත්, වනජීවි නිලධාරින් ඇතා ගොඩට ගැනීමට පියවර ගෙන නොමැති බවට උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක වවුනියාව මඩුකන්ද ශ්‍රී දළදා විහාරාධිපති පුජ්‍ය මුවඇටගම ආනන්ද හිමියන් චෝදනා කරයි.

    Latest News