ශ්‍රී ලංකාවට එහි වක්‍ර බලපෑමක් එල්ල වන නිසා නිරිත දිග කොටසේ හෙට සහ අනිද්දා වර්ෂාපතනයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව ඔහු පවසයි. නිරිත දිග මෝසම් කාලගුණ තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතී. මේ නිසා බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැක.